Sunday, May 17, 2020

මනුස්සකම මිනිස්සුනේ ...

ලොව කර වන, ලෝක සත්වයාගේ භෞතික පැවැත්ම හා අනාගතය තීරණය කරන ප්‍රධානම සාධකය වූ කලී මුදල බව ලෝ ගත මතය වන අතර ලොව පාලනයට ද එය ප්‍රධාන තැනක් ගනී. මුදලට කළ නොහැක්කක් නොමැති යැයි සිතුවද , මනු සන්තානයේ උත්තරීතර වූ හැසිරීම් හා අවංකවම අන්‍යෝන්‍ය සුඛ තාව උදෙසා නැගෙන හැඟීම් මනුස්සකම වශයෙන් මිලට නොගැනිය හැකි වස්තුවක් වශයෙන් පෙන්වා දෙයි."කාසි වාසි" යනු මුදල් යහමින් ඇති යන්නට රූපකයකි. මුදල් පසුපස හඹායන බොහෝදෙනා ලග මානුෂික හැඟීම් ඉතාමත් හිඟ බව "බොහොම හිඟයි මනුස්සකම" න්න තුළින් ගම්‍ය කරයි.

දිඹුල් යනු කටුවෙන් කඳ පිරුණු රුක්ෂය කි. කිසි දිනක සිදු නොවන්නක් පාරිසරික උපමා රූපක මගින් පෙන්වා දීමට උත්සාහ දරා ඇත. මරුකතර යනු කාන්තාර යයි. දිය පොදක් නොමැති වියලි පරිසරයේ රෞද්‍ර ස්වභාවය කාන්තාරය වේ. කිසි දිනක දී ඉල්ලා හැඩුවද දිය නොලැබේ. මෙම රූපක දෙක ඔස්සේ, නොදෙන මසුරන් ඉදිරියේ ඉල්ලා අයදීම නිශ්ඵල ක්‍රියාවක් වග පෙන්වීමට උත්සාහ කරයි.

දෙයක් ලබා ගැනීමට අවශ්‍ය නම් එය ලබා ගැනීමට තරම් ප්‍රමාණවත් තැනක් විය යුතුය. ලබාගැනීමට දෙයක් නොමැති තැනකින් දෙයක් නොලැබෙන්නේ මය. මෙය ගම්‍ය කිරීමට "දිය දෝතක් බොන්න ඕන දිය දෝතක් පිරුණු අතින්,මල් අහුරක් ගන්න ඕන මල් අහුරක් තියෙන අතින්"යන්න පැදි නිර්මාණය කොට ඇත.

සමාජයේ දක්නට ඇති දේ, පාරිසරික උපමා මගින් පෙන්වා දෙමින් මිල කළ නොහැකි මනුෂ්‍යත්වය සහ මුදල එක හා සමාන නොවන බව රඹුකන සිද්ධාර්ථ හිමියන් සරල පද බැඳුම් කොට වික්ටර් හඬට මුසු කොට ඇත..https://www.youtube.com/watch?v=SKRo66bxVFk&feature=youtu.be&fbclid=IwAR2-4x-uEuzydcJXd4L5j0zg_--gy7_1h146_GE7SgvZAjGtJiybEpDcFWw

No comments:

Post a Comment

TO BE A GOOD HUSBAND

                                                  The wife is the most trustful friend to a husband for his entire life after he got married...